
“කමත” ග්‍රාමීය කෘෂිකාර්මික ජීවන රටාව සමග බැදී පැවති කමත ආශ්රිත ක්‍රියාකාරකම් හා පෞරාණික ගැමි දිවිපෙවත විදහා දක්වන මෙම වැඩසටහන උඩතම්මිට ග්‍රාම නිලධාරී එච්.එම්.පී.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වසමේ සමිති ශාලා ගොඩනැගිළි භුමයේ දී 2019.02.05 දින දවස පුරා පැවැත්විනි. මේ සදහා ප්‍රදේශයේ පාසල් දරු දැරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර හෙළ කමත් ක්‍රියාකාරකම් සියල්ල හා ගැමි ජීවන රාටාව විදහා දක්වන නාට්‍යමය අංග ඇතුලත් විය.















