පසුගිය දා ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඉබ්බාගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජන ජීවිතයට සිදුවූ හානි සහ දේපල හානි සහ ඉදිරි කාලය තුල ජනතාවට සහන සැලසීම, ප්රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වැනි කරුණු පිළිබඳව ඉදිරි කටයුතු සැලසුම් කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්ය ගරු නාමල් සුදර්ශන මැතිතුමන් සහ ඉබ්බාගමුව ප්රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් ප්රදේශයේ සියළු රාජ්ය ආයතන සම්බන්ධ කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් දෙසැ.02 දින පස්වරුවේදී ඉබ්බාගමුව ප්රාදේශීයලේකම් කාර්යාලයේ ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ඉබ්බාගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තළ සිදුවූ පුද්ගල හානි, දේපල හානි සහ වර්තමාන තත්ත්වය, ආපදාවට ලක්වූ අවතැන් ජනතාවගේ ආහාර, පානීය ජලය, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්ය පහසුකම්,විනාශ වූ මං මාවත් යළි පිළිසකර කිරීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ද ආපදාවට පත්වූවන්ගේ බිඳුණු මානසිකත්වය යළි යථා තත්වයට පත්කරලීමට අවශ්ය ආයතනික වශයෙන් එක්ව සිදු කළ හැකි වැඩසටහන් ඇතුළු කරුණු පිළිබඳවත් විශේෂ අවධානය යොමු විය.
ව්යවසනයෙන් ඇතිවූ බලපෑම් හමුවේ අවශ්ය තොරතුරු නිවැරදිව කඩිනමින් සන්නිවේදනය කිරීම, අනාරක්ෂිත ස්ථාන වලින් පිරිස් ඉවත් කිරීම හා පශ්චාත් ව්යවසන ආපදා කළමනාකරණ සන්නිවේදනය කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය ලබා දෙන ලදී.
මෙම සාකච්ඡාවට සහභාගී වූ මැල්සිරිපුර ව්යාපාරික සංගමය මඟින් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් සහ ලක්ෂ පහක පමණ වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්රව්ය ඇතුළු අත්යාවශ්ය භාණ්ඩ තොගයක් ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත පරිත්යාග කරන ලදී.
තවද මෙම සාකච්ඡාව සඳහා ප්රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහභාගී වූ අතර මෙම ව්යවසන අවස්ථාවේදී උන් වහන්සේලා විසින් ලබාදුන් විශේෂ සහයෝගය සහ දායකත්වයට ස්තූතිය පිරිනැමූ අතර විපතට පත් ආදරණීය මිනිසුන් වෙනුවෙන් නොකා නොබී නිදිවරාගෙන හෙම්බත්ව මඩගොහොරු වැසි කුණාටු නොතකමින් කටයුතු කිරීමට දායක වන සියලුම රාජ්ය නිලධාරීන්ටත් මානුෂීය ආධාර ලබා දෙන සියලු දෙනාටත් ස්තුතිය පිරිනමන ලදී.
 

පුවත් සහ සිදුවීම්

Scroll To Top