72 වන ජාතික නිදහස් උත්සවය සැමරීම ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වසම් මට්ටමින් අභිමානයෙන් සමරන ලදී.


ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගිණුම් අංශයේ කව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කල ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2019.03.13 දින දවස පුරා කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්විනි. මේ සදහා කොට්ඨාසයේ ජනතාව ද අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා කාර්යාලීය නිලධාරීන් 100 ආසන්න පිරිසක් ලේ පරිත්‍යාග කරන ලදී. මෙහිදී ලේ පරිත්‍යාග කල සියළු දෙනාට පැළ ලබා දීම ද සිදු කරන ලදී.

“කමත” ග්‍රාමීය කෘෂිකාර්මික ජීවන රටාව සමග බැදී පැවති කමත ආශ්‍රිත ක්‍රියාකාරකම් හා පෞරාණික ගැමි දිවිපෙවත විදහා දක්වන මෙම වැඩසටහන උඩතම්මිට ග්‍රාම නිලධාරී එච්.එම්.පී.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වසමේ සමිති ශාලා ගොඩනැගිළි භුමයේ දී 2019.02.05 දින දවස පුරා පැවැත්විනි. මේ සදහා ප්‍රදේශයේ පාසල් දරු දැරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර හෙළ කමත් ක්‍රියාකාරකම් සියල්ල හා ගැමි ජීවන රාටාව විදහා දක්වන නාට්‍යමය අංග ඇතුලත් විය.

කාර්යාලීය ඵලදායිතාවය ඉහල නැංවීම අරමුණු කොට ගත් කාර්යාලීය ඵලදායීතා දිනය 2019.02.08 දින කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්විනි. මේ සදහා සියළු අංශ නියෝජනය වන පරිදි විශේෂ නාට්‍ය ඉදිරිපත් කිරීම් හා හොදම නාට්‍ය තේරීම,කාර්යාලයේ හොදම නිලධාරියා තේරිම, තෝරාගත් ඵලදායීතාවය ප්‍රමුඛ කොටගත් ග්‍රාම නිලධාරී කාර්යාල සදහා විශේෂ ඇගයීම් සිදු කිරීම, හොදම කාර්යාලීය කවය තේරීම ආදී විශේෂ අවස්ථා ගණනාවක් සදහා ඇගයීම් සිදුකරන ලදී. ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සියළු කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් මේ සදහා සහභාගී විය.

සේනා දළඹුවා ව්‍යාප්තවීම පිළිබද මෙම කොට්ඨාසයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී 2019.01.25 දින පැවැත්විණි.
මේ සදහා කලාප සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ඩී. සමරවීර මයා, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීට) ඩී.ජී. එස්. එන්. චන්ද්‍රසේන මිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගන්නොරුව කාර්යාලයේ ප්‍රධාන කෘෂි විශේෂඥ(පළතුරු හා බෝග) ඉමානී ගම්මන්පිල මිය ප්‍රධාන දැනුවත් කිරීම් සිදුකරන ලදී.
කලාපයේ නිලධාරීන් සේනා දළඹුවාගේ ව්‍යාප්තිය පිළිබද දීර්ග වශයෙන් පැහැදිලි කල අතර ඒ පිළිබද වාර්තා වුවහොත් කඩිනමින් මෙම නිලධාරීන් දැනුවත් කිරීම සදහා ගොවි ජනතාවට මෙම දැනුම ලබාදෙන ලෙස කලාපයේ නිලධාරීන් දැනුවත් කරන ලදී.















